නෙල්ලි | Phyllanthus emblica

Share:

 නෙල්ලි



  • Scientific Name :Phyllanthus emblica
  • Higher Classification : Leafflower
  • Rank : Species
  • Family : Phyllanthaceae
  • Kindom : Plantae
  • Order : Malpighiales

නෙල්ලි ගෙඩිය ඉතා කුඩා වුවත් ,එහි ඇති ඖෂධීය ගුණය නම් කුඩා වන්නේ නැහැ.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී ; දේශීය වෙදකමේ දී නෙල්ලිවලට හිමිවන්නේ  ප්‍රමුඛස්ථානයකි. ඖෂධීය ගුණයෙන් ඉහළ වටිනාකමක් මෙන්ම කා අතරත් ජනප්‍රිය පළතුරක් ලෙස නෙල්ලි ඉහළ වටිනාකමකින් යුක්ත වේ.ඝර්ම කලාපීය සදාහරිත  ශාකයක් වන මෙය ඛනිජ පදාර්ථ රැසකින් පරිපූර්ණ වෙයි.නෙල්ලිවල සංස්කෘත නාමය "ආමලකි" නම් වේ.වල් නෙල්ලි සහ ගම් නෙල්ලි ලෙස වර්ග දෙකකි.


"බෙහෙත් නෙල්ලි" ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී  හඳුන්වන නෙල්ලි විටමින් සී බහුල පලතුරකි.ඇඹුල්,කහට,පැණි,ලවණ හා තිත්ත රසක් සහිත මෙම පලතුරු ලා කොළ පැහැති වර්ණයෙන් යුක්ත වේ. නෙල්ලිවල නැවුම් පලතුරු 100 g ක විටමින් සී 250 - 1800  mg පමණ අඩංගු වේ.මෙහි ඉතා වැදගත් ප්‍රතිඔක්සිකාරක හා පොලිෆිනෝලද  අඩංගු වේ.නෙල්ලි ඵලය පමණක් නොව ,එම ශාකයේ සියලු ම කොටස් ඖෂධීය ගුණයෙන් බහුලය.නෙල්ලි භාවිතයෙන් විශාල නිෂ්පාදන රාශියක් නිර්මාණය කළ හැකි අතර ආයුර්වේද පොතපතේ මෙන් ම අතීතයේ සිටම නෙල්ලි විශාල ඖෂධීය ගුණ රාශියක් සහිත වටිනා ශාකයකි.


   නෙල්ලි වගා කිරීමට පහසු ගිනි ගැනීම් වලට ඔරොත්තු දෙන, තදබල රෝග හා පළිබෝධ හානි වලින් තොර, අවම වගා පාලන තත්ව යටතේ වුවද ඕනෑම පසෙක හොඳින් වර්ධනයවන ශාකයකි. මෙය බොහෝ ගෙවතුවල දක්නට ලැබෙන අතර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වේ.වසර පුරාම සාමාන්‍ය වෙළඳපලෙහි මෙම ඖෂධීය සහ පෝෂණීය ගුණයෙන් සපිරි නෙල්ලි දක්නට ලැබේ.බොහෝමයක් නෙල්ලි මේ වන විට වන විට වෙළඳපලට තබනු ලබන්නේ වියළි කලාපීය වියලි කලාපීය වනාන්තර වියළි කලාපීය වනාන්තරවල තිබෙන ඒවායෙනි.තෙත් කලාපීය හා අතරමැදි ප්‍රදේශවල හොඳින් ඵල දරන නෙල්ලි ශාක දක්නට ලැබෙන අතර ඔවුන් වාර්ෂිකව ඒවා අලෙවියෙන් විශාල ආදායමක් ලබාගනී.


   දේශීය නෙල්ලිවෙල ඵලවල ප්‍රමාණය සහ බරෙහි විශාල විවිධත්වයක් දක්නට ලැබේ. මේ අනුව දේශීය නෙල්ලි ගෙඩියක බර 4.2 - 11.3 g වේ.නමුත් විදේශීය රටවල්වලින් හඳුන්වා රටවල් වලින් හදුන්වා දී ඇති නෙල්ලි විශේෂයන්හි ගෙඩියක බර ප්‍රමාණය වන්නේ 14.8 - 45 g යි.එම හේතුව නිසා දේශීය නෙල්ලි ඉල්ලුමට වඩා විදේශීය නෙල්ලි ඉල්ලුම ඉහළ අගයක් ගනී.


*දේශගුණය 

ඉහත සඳහන් කළ ආකාරයට ඝර්ම කලාපීය,උප ඝර්ම කලාපීය දකුණු ආසියාතික වියළි ප්‍රදේශවල සහ  මිශ්‍ර සදාහරිත වනාන්තරවල නෙල්ලි ශාකය දක්ක්නට ලැබේ.ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ,විශේෂයෙන්ම බිබිල, බදුල්ල, මොණරාගල මොණරාගල, ගල්ඔය,  අනුරාධපුර, බුත්තල, රත්නපුර, හා පොලොන්නරුව ආදී ප්‍රදේශවල වනාන්තරයන්හි ස්වභාවික නෙල්ලි වගාව දැකිය හැකිය.වියළි හා සෞම්‍ය දේශගුණ තත්වය යටතේ මෙන්ම ශුෂ්ක දේශගුණ තත්ත්ව යටතේද හොඳින් ඔරොත්තු දෙයි.


* පෝෂණීය වටිනාකම  

නෙල්ලි ඵල මාංශල 100 g


 *අඩංගු සංයුතිය 

ශක්තිය කැලරි : 58

ජලය(g) :81.3 

ප්‍රෝටීන් : 0.5

මේදය : 0.1

කාබෝහයිඩ්‍රේට් : 13.7

තන්තු : 3.4

ඛනිජ ලවණ(mg) : 0.7

කැල්සියම් : 50

පොස්පරස් : 20

යකඩ : 1.2

විටමින් A :4.0


විශේෂයෙන්ම ගර්භණී සමයේදී, නෙල්ලි ඉතා වටිනාකම් බහුල ඖෂධයක් වේ.

Translate By Google

Although the Nelli fruit is very small, its medicinal properties are not small. In Ayurvedic medicine; Nellie has a prominent place in local medicine. Nellie is highly valued as a popular fruit with medicinal properties. It is a tropical evergreen plant that is perfect with many minerals. The Sanskrit name of Nellie is "Amalaki". There are two types of Nellie, Wild Nellie and Village Nellie.

Nellie, commonly known as "Medicinal Nellie", is a fruit rich in vitamin C. These fruits are light green in color with a sour, yellow, sweet, salty and bitter taste. 100 g of fresh fruit of Nelly contains about 250 - 1800 mg of vitamin C. It also contains very important antioxidants and polyphenols. Not only the fruit of Nelly, but all the parts of the plant are rich in medicinal properties. Many products can be created using Nelly and in the Ayurvedic book Also, since ancient times, Nellie is a valuable plant with many medicinal properties.

Nellie, commonly known as "Medicinal Nellie", is a fruit rich in vitamin C. These fruits are light green in color with a sour, yellow, sweet, salty and bitter taste. 100 g of fresh fruit of Nelly contains about 250 - 1800 mg of vitamin C. It also contains very important antioxidants and polyphenols. Not only the fruit of Nelly, but all the parts of the plant are rich in medicinal properties. Many products can be created using Nelly and in the Ayurvedic book Also, since ancient times, Nellie is a valuable plant with many medicinal properties.

There is great variation in the size and weight of local Nelliwela fruits. Thus, the weight of a local Nellie fruit is 4.2 - 11.3 g. But the weight of a Nellie species introduced from foreign countries is 14.8 - 45 g. For that reason, the demand for foreign Nellie is higher than the demand for local Nellie.

weather


As mentioned above, the Nellie plant can be found in tropical, subtropical South Asian dry areas and mixed evergreen forests. In the dry zone of Sri Lanka, especially in Bibila, Badulla, Monaragala, Monaragala, Galoya, Anuradhapura, Buttala, Ratnapura, and Polonnaruwa, natural forests in the areas. Nelly can be seen under dry and temperate climate conditions as well as under arid climate conditions.

   * Nutritional value

Nellie flesh 100 g

  *Contains composition

Energy Calories: 58

Water(g) :81.3

Protein : 0.5

Fat : 0.1

Carbohydrates : 13.7

Fiber : 3.4

Minerals (mg) : 0.7

Calcium: 50

Phosphorus: 20

Iron : 1.2

Vitamin A :4.0

Especially during pregnancy, Nellie is a very valuable medicine.

No comments